ඒ අනුව, මෙම තරගාවලිය අද (30) සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
රටවල් 08 ක් තරග වදින මේ තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් 07 සමඟින් තරග වැදීමට නියමිත අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසන් පූර්ව වටයට පිවිසෙන අතර, එහිදී පළමු සහ සිවුවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙකත්, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් දෙකත් එකිනෙකා සමඟින් තරග වැදීමට නියමිතව තිබෙනවා.
සමස්ත තරගාවලිය තරග 31 කින් සමන්විත වන අතර, ඉන් මූලික වටයේ තරග 11 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.
එහිදී පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයට අමතරව, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරග 04 ක්ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ කරමින්, ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව අද පස්වරු 3.00 ට ගුවහාති හිදී තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 13 වැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ඉන්දියාවේදී ආරම්භ වනවා.