2025 කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව පාකිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 88ක ජයක් ලැබීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේම දාස පිටියේදී.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන ක්‍රීඩිකාවන් මුලින්ම පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 50 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 247ක් ලබාගත්තා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්ලීන් ඩියොල් ලකුණු 47ක්, රීචා ගෝෂ් නොදැවී ලකුණු 35ක් හා ජෙමයියා රොද්‍රීගස් ලකුණු 32ක් ලබාගත්තා.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඩයනා බේග් කඩුලු 4ක් දවාගත් අතර සාදියා ඉක්බාල් හා ෆාතිමා සනා කඩුලු2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් පාකිස්තානු කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ සියලු කඩුලු දැවී ලකුණු 159ක් පමණයි.
හුදෙකලා සටනක නිරත වූ සිද්‍රා අමීන් ලකුණු 81ක් ලබාගත් අතර අනෙක් අන්තයෙන් ඇයට ප්‍රමාණවත් සහයක් ලැබුණේ නැහැ.
නතාලියා පර්වේස් ලකුණු 33ක් ලබාගෙන යම් සබඳතාවයක් ගොඩනැගුවද තරගය ජයගැනීම සඳහා එය ප්‍රමාණවත් වුණේ නැහැ.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රාන්ති ගෞඩ් කඩ හා දීප්ති ශර්මා කඩුලු 3 බැගින් දවාගත් අතර ස්නේහ් රනා කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව පාකිස්තානු ඉනිම පන්දුවාර 43ට සීමාකරමින් ලකුණු 88ක ජයක් ලැබීම ඉන්දීය ක්‍රීඩිකාවන් ඊයේ සමත්වුණා.
තරගයේ වීරයා වූයේ ක්‍රාන්ති ගෞඩ්.