බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින තරගාවලිය අද මීර්පූර් ආරම්භ වුණා. තරග තුනකින් සමන්විත තරගාවලියේ පලමු තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 74කින් ජයගත්තා.
මීර්පූර් මන්දගාමී තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු කඩුලු දැවී ලබාගත්තේ ලකුණු 207ක් පමණයි.
තව්හිද් රිදෝයි ඉතා ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් පන්දු 90කට ලකුණු 51ක් ලබාගත්තා.මහිදුල් ඉස්ලාම් අන්කොන් ලකුණු 46යි.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩ්න් සීල්ස් කඩුලු 3ක් දවාගත් අතර රොස්ටන් චේස් හා ජස්ටින් ග්‍රේව්ස් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉනිම ලකුණු 133ට සීමා කරමින් සියලු කඩුලු දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රිශාද් හුසේන් ලකුණු 35ට කඩුලු 6ක් දවාගැනීමට සමත් වුණා. එසේම මුස්තෆිසූර් රහුමාන් කඩුලු 2ක් ලබාගත්තා.
කොදෙව් ඉනිමේ යම් හෝ සාර්ථකත්වයක් පෙන්වූයේ ලකුණු 44ක් ලබාගත් බ්‍රෙන්ඩන් කිංග් පමණයි.
ඒ අනුව එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 74කින් ජයගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වූ අතර තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ රිශාද් හුසේන්වයි.