ඊයේ පැවති රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස්(RR) අතර තරගයෙන් ලකුණු 11කින් ජය ලැබීමට ආර් සී බී සමත් වුණා.
කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීමට ආර් ආර් තීරණය කළා. ඒ අනුව RCB සිය ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගත්තා.
සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු 70ක් හා දෙවදත් පඩික්කල් ලකුණු 50ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී සන්දීප් ශර්මා කඩුලු 2ක් හා වනිදු හසරංග සමග ජොෆ්‍රා ආචර් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RR කණ්ඩායම ලකුණු 206ක ඉලක්කය ඉනිමේ මුල් භාගයේදී සාර්ථක ලෙස හඹාගියත් ලබාගත් හැකිවූයේ 194/9ක් පමණයි.
යසස්වී ජයිස්වාල් ලකුණු 49යි. දෘව් ජුරෙල් ලකුණු 47යි.
විශිෂට පන්දු යැවීමක නිරත වූ ජොශ් හේසල්වූඩ් කඩුලු 4ක් දවාගත්තා. කෘනාල් පාණ්ඩියා කඩුලු 2යි.
මේ ජයග්‍රහණය සමග රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 3න් වන ස්ථානයට පැමිණුනා.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 8වැනි ස්ථානයේ.