ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.
සාර්ථක ආරම්භයක් ලබාගත් ලක්නව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන එයිඩන් මාක්‍රම් හා මිචෙල් මාර්ෂ් පළමු කඩුල්ලට ලකුණු 87ක් රැස් කළා. මාක්‍රම් ලකුණු 52යි. මිචෙල් මාර්ෂ් ලකුණු 45යි.
පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුලු 4ක් හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 17.5 දී කඩුලු 2ට ලකුණු 161ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.
නැවත නැවතත් සාර්ථක වෙමින් ලොකේෂ් රාහුල් නොදැවී ලකුණු 57ක් ලබාගත්තා. අභිෂේක් පොරෙල් ලකුණු 51යි.
පන්දු යැවීමේදී කඩුලු 2ම දවාගත්තේ ඒඩ්න් මාක්‍රම් විසිනුයි.
තරගයේ වීරයා මුකේෂ් කුමාර්.