බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියයේ අවසන් අදියරේ හෙල්ල විසි කිරීමේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ජාතික ශූර
රුමේෂ් තරංග සමත් වුණා.
ඔහු මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 89. 04 ක්.
එම ජයග්‍රහණයත් සමග රුමේශ් තරංගට 2026 ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමේ හෙළ විසි කිරීමේ ඉසව්වේ දියමන්තිය හිමිවීම ද විශේෂත්වයක්.
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ හිමි වූ පළමු ඩයමන්ඩ් ලීග් දියමන්තිය මෙයයි.
මෙම ජයග්‍රහණයත් සමඟ රුමේෂ් තරංග අඛණ්ඩව ඩයමන්ඩ් ලීග් තරගාවලි 5 කදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ගත්තා.
මෙවර ඩයමන්ඩ් ලීග් අදියර 6 ක් නියෝජනය කළ රුමේෂ් තරංග, ඉන් 5 කදී ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර එක් අදියරකදි දෙවැනි ස්ථානයට පත්වුණා.
රබාට් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී දෙවැනි ස්තානය හිමිකරගත් ඔහු අනතුරුව රෝම් ඩයමන්ඩ් ලීග්, දෝහා ඩයමන්ඩ් ලීග්, ලොසෑන් ඩයමන්ඩ් ලීග් සහ සූරිච් ඩයමන්ඩ් ලීග් අදියරයන් හිදී අඛණ්ඩව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම විශේෂත්වයක්.
රෝම් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62 ක දක්‍ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කළ අතර එය මේ වසරේ මෙතෙක් ලොව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු දැක්වූ හොඳම දක්‍ෂතාවයයි.
මේ අතර අවසන් වරට පැවති සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මීටර 92.07 ක දක්‍ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා.
මේ වන විට ලොව අංක එකේ හෙළ විසි කිරීමේ ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගයි.