බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රුමේශ් තරංග අද බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් අවසන් වටයට තරග කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

රුමේශ් තරංග අද බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් අවසන් වටයට තරග කරයි

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 5, 2026
බෙදාගන්න

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් අදියරේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද මධ්‍යම රාත්‍රියේදී සහභාගි වනවා.

රුමේෂ් තරංග මේ වන විට අඛණ්ඩව ඩයමන්ඩ් ලීග් තරගාවලි 4 කදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටිනවා. 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය අදියර 15 කින් සමන්විතයි. එහි අවසන් අදියර ඊයේ ආරම්භ කෙරුණු අතර එය අද දෙවැනි දිනටත් පැවැත්වෙනවා.

ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ලොව සිටින දක්‍ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනවා. මේ වසරේ පැවති ඩයමන්ඩ් ලීග් අදියරවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ප්‍රසාද ලකුණු පදනම් කරගනිමින් බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තීරණය කෙරුණා.

මෙවර ඩයමන්ඩ් ලීග් අදියර 5 ක් නියෝජනය කළ රුමේෂ් තරංග, ඉන් 4 කදී ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර එක් අදියරකදි දෙවැනි ස්ථානයට පත්වුණා. රබාට් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රිදී පදක්කම හිමිකරගත් ඔහු අනතුරුව රෝම් ඩයමන්ඩ් ලීග්, දෝහා ඩයමන්ඩ් ලීග්, ලොසෑන් ඩයමන්ඩ් ලීග් සහ සූරිච් ඩයමන්ඩ් ලීග් අදියරයන් හිදී අඛණ්ඩව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම විශේෂත්වයක්.

රෝම් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62 ක දක්‍ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කළ අතර එය මේ වසරේ මෙතෙක් ලොව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු දැක්වූ හොඳම දක්‍ෂතාවයයි. මේ අතර අවසන් වරට පැවති සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මීටර 92.07 ක දක්‍ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා. අද රුමේෂ් තරංග සමග තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකු බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට සහභාගි වනවා. එය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේදී ආරම්භ වීමට නියමිතයි.

පෙර ලිපිය 2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
Next Article බ්‍රසල්ස් හෙල්ල විසිකිරීමේ ශූරතාවය රුමේශ් තරංගට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ලංකාවේ නිර්මාණයක් වෙයිද?

කියවීමට මිනිත්තු 0 යි
Asian Netball Championship
වෙනත් ක්‍රීඩා පුවත්

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

චමෝද් යෝධසිංහට ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?