බංගලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. සිව්වැනි දිනයේ දී තරගය ක්‍රියාත්මක කෙරුණේ, මිනිත්තු 30ක කාලයක් පමණයි.
අද දිනය ආරම්භ කරන විට බංගලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියා. ඔවුන්ට ඉනිමක පරාජයකින් බේරීම සඳහා තවත් ලකුණු 96 ක් අවශ්‍ය වුණා. නමුත්, බංගලාදේශයට අද රැස්කිරීමට හැකිවුණේ ලකුණු 18ක් පමණයි. බංගලාදේශ දෙවැනි ඉනිම ලකුණු 133කට සීමා වුණා.
තරගයේ පළමු ඉනිමට බංගලාදේශය රැස්කළ ලකුණු 247ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 458ක් රැස්කළා. එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගත්තේ තරග 1-0ක් ලෙසයි.