ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම ලේඛනයේ 17 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ඔහු ස්ථාන 14 ක් ඉදිරියට පැමිණ ඇති අතර මීට පෙර පැතුම් රැදී සිටියේ 31 වැනි ස්ථානයේයි.
මෙලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.
එම තරගාවලියේ පළමු තරගයේදී පැතුම්ල කුණු 187ක් හා දෙවන තරගයේදී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේද පැතුම් නිස්සංක.
පැතුම් නිස්සංකට මේ වන විට ශ්‍රේණිගත කිරීම් ලකුණු 685 ක් හිමිව තිබෙනවා.
එංගලන්තයේ ජෝ රූට් මෙහි පෙරමුණේ පසුවන අතර, එංගලන්තයේම හැරී බෘෘක් 2වන ස්ථානයේ පසු වනවා.
නවසීලන්තයේ කේන් විලියම්සන්ට තෙවන ස්ථානය හිමිව ඇත. මෙම ශ්‍රේණිගතකිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ කමිදු මෙන්ඩිස්.
ඔහු 9වන ස්ථානයේ රැඳී සිටින අතර දිනේෂ් චන්දිමාල්ට 13 වැනි ස්ථානය හිමියි.