ආසියානු කුසලානයේ පලමු වටයේ අවසන් තරගය ඊයේ ඉන්දියාව හා ඕමානය අතර පැවැත්වුණා. එම තරගය ඉන්දියාව ජයගත්තේ ලකුණු 21කින්.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට දී ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 8අ ලකුණු 188ක්.
සංජු සැම්සන් ලකුණු 56ක් හා අභිෂේක් ශර්මා ලකුණු 38ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ඕමාන් කණ්ඩායම වෙනුවෙන් ශා ෆයිසාල්, ජිතෙන් රමන්ඩි හා අමීර් කලීම් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවුණේ, කඩුලු 4ට ලකුණු 167ක් පමණයි.
ආමීර් කලීම් ලකුණු 64යි. හමාද් මිර්සා ලකුණු 51යි.
පන්දු යැවීමේදී හර්දික් පාන්ඩියා, අර්ෂ්දීප් සිං, හර්ෂ්ත් රානා හා කුල්දීප් යාදව් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව 2025 ආසියානු කුසලානයේ පළමුවටයේ තරග අවසන් වූ අතර මීළඟ එලඹෙන්නේ සුපිරි 4දෙනා ගේ වටයයි.
ඒ සඳහා තෙරී ඇත්තේ ඉන්දියාව, පකිස්තානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයයි.
සුපිරි 4 දෙනාගේ වටයේ පලමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී පැවැත්විමට සූදානම්.