පාකිස්තානය සමග දෙවෙනි ටෙස්ට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වෙයි.

Series Ends in a Draw After Competitive Battle

©AFP/Getty Images

පාකිස්තානය සමග පැවැති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ මුල්තාන් හිදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.

පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 154 යි.

අනතුරුව දෙවැනි ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 244 ක් රැස් කලා.

තරඟය ජයගැනීම සඳහා පකිස්ථානයට හිමි වූ ඉලක්කය ලකුණු 254 ක්.

නමුත් පකිස්ථානයට දෙවැනි ඉනිම සඳහා සියලූ ක්‍රිඩකයින් දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 133 ක් පමණයි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ කොදෙව් පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *