ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වෙයි

©ICC

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ බංග්ලාදේශය ලකුණු 21 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ සාජා අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 6 ක් දැවී ලකුණු 118 ක් රැස් කළා. ඩැනී හොජ් ලකුණු 41 යි. මායියා බවුචර් ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේදී නහිඩා ඇක්ටර්, ෆහීමා කාටුන් සහ රීටු මෝනි කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 97 ක් පමණයි.

ශොබානා මොස්ටරි ලකුණු 44 යි. පන්දු යැවීමේදී ලින්සේ ස්මිත් සහ චාලි ඩීන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

අදහසක් දක්වන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *