ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකා කාන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණා. තරගයේ පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී.
අයහපත් කාලගුණය නිසා මේ තරගය පන්දුවාර 39ට සීමාවුණා. මුලින්ම පන්දුවට පහරදුන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 147ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නවක ක්‍රීඩිකා හසිනි පෙරේරා ලකුණු 30ක්, කවීෂා දිල්හාරී ලකුණු 25ක් හා අනුෂ්කා සංජීවනී ලකුණු 22ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ස්නේහා රනා කඩුලු 3ක්, ශ්‍රී චරනි කඩුලු 2ක් හා දීප්ති ශර්මා කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කාන්තා කණ්ඩායම 30වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 149ක් ලබාගෙන තරගය ජයගැනීමට සමත්වුණා.
ප්‍රතිකා රාවල් නොදැවී ලකුණු 50ක්, ස්ම්‍රිති මන්දනා ලකුණු 43ක් හා හර්ලීන් ඩියොල් නොදැවී ලකුණු 48ක් ලබාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුල්ලක් දවාගත්තා.
තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ප්‍රතිකා රාවල්හටයි.