ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
ඉන් ලකුණු අසූ නවයක ජයක් වර්තා කිරීමට සමත් වුණේ එංගලන්ත කණ්ඩායමයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 253 ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 200 වැනි ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව එංගලන්ත ඉනිම ආරම්භ කලේ එමී ජෝන්ස් සහ ටමී බියුමන්ට්. ඔවුන් දෙදෙනා ආරම්භන කඩුල්ලට ගොඩ නැගූ සබධතාව ලකුණු 24 ක්.
එමී ජෝන්ස් ලකුණු 11 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දුවද්දී දැවී ගියා. දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 32 ක් රැස් කළ ටමී බියුමන්ට්. හේතර් නයිට් ලකුණු 29 යි. සිව්වැනි කඩුල්ල ලෙස සොපියා ඩන්ක්ලි දැවී ගියේ ලකුණු 18 කට.
තරගයේ 35 වැනි පන්දු වාරයේදී කඩුලු 2 ක් දවා ගැනීමට ඉනෝකා රණවීර සමත් වුණා.
එංගලන්ත කණ්ඩායමේ නායිකා නෙට් ශිවර් තම එක්දින ක්‍රිකට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කලා. ඇය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක වාර්තා කළ 5 වැනි ශතකය මෙයයි. නෙට් ශිවර් ලකුණු 117 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 33 කට කඩුලු 3 යි. සුගන්ධිකා කුමාරි කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු වාර 45.4 කදී සියලු ක්‍රිඩිකාවන් දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 164 ක් පමණයි.
හර්ශිතා සමරවික්‍රම ලකුණු 33 ක් රැස්කලා.
සොපී එක්ලෙස්ටෝන් කඩුලු 4 යි.