ඉන්ටර්නැෂනල් ලීග් මාස්ටර්ස් 20/20 ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟය ඊයේ පැවැත්වුනේ ඉන්දියාවේ වදෝදරාහිදී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 9ක් දැවී ලකුණු 173 ක් රැස් කලා.
අසේල ගුණරත්න ලකුණු 64 යි. කුමාර් සංගක්කාර ලකුණු 47 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ඈශ්ලි සර්ස් කඩුලු 3 යි.
පිලිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 152 ක් පමණයි.
ඩ්වේන් ස්මිත් ලකුණු 50 යි. පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්තා.
තරඟයෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 21 කින්.