අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 39 කින් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොල්කටා හි ඊඩ්න්ගාඩ්න් ක්රීඩාංගනයේදී.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා.
නායක ශුබ්මන් ගිල් ලකුණු 90 යි. පන්දු 55 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.
සායි සුදර්ශන් ලකුණු 52 යි. ජොෂ් බට්ලර් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස් කළේ, ලකුණු 159 ක් පමණයි.
ආර්ජින්කෙණයාර් හරනේ ලකුණු 50 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ප්‍රෂීඩ් ක්‍රිෂ්ණා සහ රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.