වසර 16කට පසු බෘෘනායි පාපන්දු කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
තරගය පැවැත්වුණේ තාහිලන්තයේ බැංගලෝර් හිදී.
තරගයේ පළමු අර්දය නිමා වුණේ දෙපිළම ගෝල වාර්තා කිරීමට පෙරයි.
අනතුරුව තරගයේ 56 වැනි මිනිත්තුවේදී ලියෝන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කලා.
දෙවැනි අර්දයේදී දෙපිලම ගෝල වාර්තා කලේ නෑ.
ඒ අනුව ගෝල 1 ට 0 ක් ලෙස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ශ්‍රී ලංකාව මෙලෙස බෘෘනායි පාපන්දු කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 16ක පසුවයි.
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට 200 වැනි ස්ථානය හිමි වන අතර බෘෘනායි පාපන්දු කණ්ඩායම 185 වැනි ස්තානයේ පසුවනවා.