UEFA නේෂන් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කකණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤය පරාජයට පත් කරමින්.
අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල 2 බැගින් රැස්කර තිබුණා.
එහිදී පෘතුගාලය වෙනුවන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නූනෝ මෙන්ඩෙස් ද ස්පාඤ්ඤය වෙනුවන් මාටින් සහ මිකෙල් ගෝල රැස්කිරීමට සමත් වුණා.
ගෝල සමවීම හේතුවෙන් තරගයේ ජය පරාජය කිරීමට දඩුවම් පහර ලබා දීමට විනිසුරුවන් තීරණය කලා.
එහිදී දඩුවම් පහර 5ක් සාර්ථක කරගන්නට පෘතුගාලය සමත් වූ අතර ප්‍රතිවාදීන්ට සාර්ථක කරගන්නට හැකිවුණේ දඩුවම් පහර 3ක් පමණයි.
ඒ අනුව දෙවන වරටත් UEFA නේෂන් ලීග් පාපන්දු තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වුණා