මැලේසියාව සමග හෙට පැවැත්වෙන රග්බි තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නයිජල් රත්වන්ත ට හිමිව තිබෙනවා. නම් කෙරුණු කණ්ඩායමට ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත්.
හෙට තරගය ජය ගන්නා කණ්ඩායමට 2025 ආසියානු රග්බි තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි වනවා. හෙට තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගනු ලැබුවේ ජාතික රග්බි තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු සනත් මාටීස්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම වසරේදී නිමා වූ දේශීය රග්බි තරගාවලියේදී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසක් නම් කළ කණ්ඩායමට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය හෙට පස්වරු 4.00 ට කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ කිරීමට නියමිතයි.