වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගය ජය ගනිමින්.
සීආර් ඇන්ඩ් එෆ්සී සහ මහනුවර කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ සීආර් ක්‍රීඩාංගණයේදී.
පළමු අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වූයේ, මහනුවර කණ්ඩායමයි.
ඒ අනුව, එම අර්ධය නිමා වන විට ලකුණු 13 ට 6 ක් ලෙස මහනුවර කණ්ඩායම පෙරමුණ ගෙන සිටියා.
කෙසේ වුවද, දෙවැනි අර්ධයේදී සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් එම අර්ධයේදී ලකුණු 27 ක් ලබා ගැනීමට සමත් වුණා.
ප්‍රතිවාදී මහනුවර කණ්ඩායමට දෙවැනි අර්ධයේදී රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණයි.
ඒ අනුව, නියමිත කාලය අවසන් වන විට ලකුණු 33 ට 25 ක් ලෙස සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ජය හිමි කර ගත්තා.
ජයග්‍රාහි කණඩායම ලකුණු රැස් කළේ ගෝල දිණුමක්, උත්සහක දිණුම් 4 ක් සහ දඬුවම් පහර දෙකකින්.
සීආර් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි.
1998 වසරෙන් පසුව සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලීග් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.