1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව ලබන වසරේ ඕසට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම තරග වැදිමට නියමිතයි.
සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ, 20 වැනි අප්‍රිකානු රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමත් සමගයි. එම තරගාවලිය උගන්ඩාවේ දී පැවැත්වුණා.
අප්‍රිකානු රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සිම්බාබ්වේ සහ නැමීබියා කණ්ඩායම් සුදුසුකම් ලබා තිබුණා. එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගත්තේ, ලකුණු 30 ට 28 ක් ලෙසයි.
ඒ අනුව, ඔවුන් ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලැබූ අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස ලෝක කුසලානයකට සහභාගී වන තෙවැනි අවස්ථාව මෙයයි.
මිට පෙර ඔවුන් 1987 සහ 1991 වසරවලදී රග්බි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කර තිබෙනවා.