රිටි පැනීමේ ලෝක වාර්තාව යළිත් අලුත් කිරීමට ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් සමත්ව තිබෙනවා.
ඔහු මෙම ලෝක වාර්තාව අලුත් කල 12 වැනි අවස්ථාව මෙයයි.
ස්වීඩනයේ ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් මෙම ලෝක වාර්තාව ඊයේ අලුත් කරනු ලැබුවේ ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේදී.
ඔහු මෙහිදී මීටර 6.28 ක් උසක් වාර්තා කරමින් ලෝක වාර්තාව අලුත් කලා.
මීට පෙර එම ලෝක වාර්තාව ඔහුගේ නමට සටහන් වුණේ මීටර් 6.27 ක් ලෙසයි.
මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඔහු එම වාර්තාව පිහිටුවනු ලැබුවා.
මේ වන විට 25 වැනි වියෙහි පසුවන ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් පළමු වරට රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරනු ලැබුවේ 2020 වසරේදී මීටර් 6.17 ක උසක් වාර්තා කරමින්.