ඉන්දියාවේ රන්චි හී පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අළුයම දිවයිනට ලඟා වුණා.
මෙවර ක්‍රීඩා උලෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරතාවය දිනාගත්තේ සමස්ත පද්ක්කම් 40ක් දිනාගෙනයි.
මේ සඳහා රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් ඇතුලත් වුණා.
ජයග්‍රහණ ලබා ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිගැනීමට ක්‍රීඩා අමාත්‍යයතුමාත් ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා.