නීරාජ් චොප්රා ක්ලැසික් හෙල්ල විසි කිරීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.
තරගාවලිය අද ඉන්දියාවේදී පැවැත්වුණු අතර ඊට ලොව පුරා විශිෂ්ටතම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් රැසක් එක්ව සිටියා.
තරගය වෙනුවන් සහභාගී වූ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග එහිදී මීටර් 84.34ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගන්නට සමත් වුණා.
එහි රන් පදක්කම දිනූ නේරාජ් චොප්රා මීටර් 86.18ක දක්ෂතාවක් දැක්වූවා.
කෙන්යාවේ ජුලියස් යේගෝ මීටර් 84.51ක් දක්වමින් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් වුණා.