තුන් වැනි යොවුන් ආසියානු ක්‍රීඩා උලෙළේ දී තවත් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා. ක්‍රිඩා උලෙළ පැවැත්වෙන්නේ, බහරේන්හි දී.
හෙල්ල විසි කිරීම බාලක ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චතුර දුලාංජන සමත්වුණා. ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර 62.51 යි. දුලාංජන, මාතලේ – යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.
මේ අතර, ශානුක කොස්තා මීටර 400 බාලක ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඒ, තත්පර 47 .72 ක කාලයක් වාර්තා කරමින්. ඔහු රාජගිරියේ – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා.
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව රන්පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් සමග හිමිකර ගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 4 ක්.