ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලැබූ 38 වන විවෘත ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය 2025 ජූලි මස 05,06 දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.
වයස අවුරුදු 35,40,45,50,55 ආදි වශයෙන් අවුරුදු 85 න් ඉහළ දක්වා කාණ්ඩායම් තරග වැදුණි.
තරගාවලියේ සැම අතින්ම දක්ෂතම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය මෙවර දිනා ගනු ලැබුවේ වයස අවුරුදු 35-39 කාණ්ඩෙන් තරඟ වැදුණු නිමාලි ලියනාරච්චි යි.
ඇය මීටර් 800 ඉසව්ව මිනිත්තු 2 යි, තත්පර 12 කින් නිමකළ අතර මීටර 1500 ඉසව්ව නිම කිරීමට ගත වූ කාලය මිනිත්තු 4 යි, තත්පර 30 ක්.
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇය මීට පෙර ඔලිම්පික් තරග සදහාද සහභාගි වී තිබෙනවා
මෙයින් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වසරේ නොවැම්බර් 05 සිට 09 වෙනිදා දක්වා ඉංදියාවෙ චෙන්නායි නුවර පැවැත්වෙන 23 වන ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියට සුදුසුකම් ලබනු ඇත.