26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා රාමනායක සහ කාලිංග කුමාරගේ එම තරග සඳහා සහභාගි වීමට නියමිතයි.
තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමී නගරයේදී.
කාලිංග කුමාරගේ මීටර 400 පිරිමි අවසන් පූර්ව තරගයට ඊයේ සහභාගි වුණා. ඉන් ඔහු දෙවැනි ස්ථාන හිමි කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
කාලිංග කුමාරගේ සහභාගි වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.10 ට පැවැත්වීමට නියමිතයි.
මීටර 400 කාන්තා මූලික තරගයට සහභාගි වූ නදීෂා රාමනායක ඊයේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
ඇය සහභාගි වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.20 ට පැවැත්වෙනවා.
මීටර 100 පිරිමි මූලික තරගයට සහභාගි වූ චමෝද් යෝදසිංහ ඉන් පළමු ස්ථානය හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.
අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.45 ට පැවැත්වෙනවා.
මීටර 400 විශ්ව සහය ඉසව්වද අද පැවැත්වීමට නියමිතයි.
ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේ, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක මහතා නිශේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.