බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන ඇන්ඩෘ රසෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට තිබෙනවා.
එම සමුගැනීම ඕස්ට්‍රේලියාව සමග ජැමෙයිකාවේදී පැවැත්වීමට නියමිත 20-20 තරග දෙකෙන් පසුව සිදු කිරීමට රසෙල් තීරණය කොට තිබෙනවා.
අවුරුදු 37ක් වයසැති ඇන්ඩෘ රසෙල් මේ වන විට 20-20 තරග 84ක්, එක්දින තරග 56ක් හා එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කොට තිබෙනවා.
තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වන රසෙල් 20-20 තරග වලදී ලකුණු 1078ක් හා කඩුලු 61ක් ලබාගෙන තිබෙන අතර එක්දින තරග වලදී ලකුණු 1034ක් හා කඩුලු 70ක් ලබාගෙන තිබෙනවා.