ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන 20/20 තරගාවලියේ දෙවන තරගයත් ජය ගැනීමට පාකිස්තානය ඊයේ සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියාව ලකුණු 90කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ ලාහෝර් හීදී.
කාසියේ වාසිය දිනා පාකිස්තානය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198ක් ලබාගැනීමට පාකිස්තානය සමත් වුණා.
පාකිස්තානය වෙනුවෙන් නායක සල්මන් අගා 76ක් ලබාගත් අතර උස්මාන් කාන් ලකුණු 53ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ෂැවියර් බාට්ලීට්, මැතිව් කූනමන්, කූපර් කොනලි, සෝන් ඇබට් හා ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් ලබාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 108ට දැවී ගියා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කැමරන් ග්‍රීන් ලකුණු 35ක් ලබාගත් අතර මැතිව් ෂෝර්ට් ලකුණු 27ක් ලබාගත්තා.
පාකිස්තාය වෙනුවෙන් අබ්‍රාර් අහමඩ් හා ශදාබ් කාන් කඩුලු 3 බැගින් දවාගත් අතර උස්මාන් තරීක් කඩුලු 2ක් දවාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග පාකිස්තානය මෙම විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා ලෙස සල්මන් අලී අගා නම් කෙරුණා.
දෙරට අතර තුන්වන හා අවසන් තරගය අද ලාහෝර් හීදී පැවැත්වීමට නියමිතයි.