නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට ඊයේ ඉන්දියාව සමත්වුණා. ඒ ඊයේ තිබූ තුන්වන තරගය කඩුලු 8කින් ජයගැනීමෙනි.
මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 153ක් පමණයි. ග්ලේන් ෆිලිප්ස් ලකුණු 48ක් ලබාගත් අතර මාක් චැප්මන් ලකුණු 32යි.
ඉන්දියාව වෙනුවෙන් ජස්ප්රීත් බුම්රා කඩුලු 3ක් හා රවී බිෂ්නෝයි හා හර්දික් පාණ්ඩියා කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කන්ඩායම කඩුලු 2ට ලකුණු 155ක් පන්දුවාර 10දී ලබාගෙන තරගය පහසුවෙන් ජයගත්තා.
ප්රවේගකාරී ඉනිමක් ක්රීඩා කළ අභිෂේක් ශර්මා සිය අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 14කින්. එය ඉන්දීය ක්රීඩකයෙක් ලබාගත් දෙවන වේගවත්ම අර්ධ ශතකයයි. අභිෂේක් ශර්මා නොදැවී පන්දු 20ට ලකුණු 68ක් ලබාගත් අතර නායක සූර්යකුමාර් යාදව් නොදැවී පන්දු 26ට ලකුණු 57ක් ලබාගත්තා.
එසේම ඉන්දීය කන්ඩායම හඹායෑමේදී සිය පවර් ප්ලේ පන්දු ඕවර 6 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 94ක් ලබාගැනීමද විශේෂත්වයක්.
ඒ අනුව මේ ජයත් සමග ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0ක් ලෙස ජයගත්තා.
තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ කඩුලු 3ක් දවාගත් ජස්ප්රීත් බුම්රා.