ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර, දෙවැනි එක් දින ක්‍රිකට් තරගය කඩුලු පහකින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ තරග දෙකට බිංදුවක් ලෙසයි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව, සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළේ, බ්‍රයන් බෙනට් සහ බෙන් කරන්.
ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 55 ක් වන විට බ්‍රයන් බෙනට් ලකුණු 21 කට දැවී ගියා.
දෙවැනි කඩුල්ල ලෙස බ්‍රෙන්ඩන් ටේලර් දැවී ගියේ ලකුණු 20 කට.
සිම්බාබ්බේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් කරන් ලකුණු 79 ක් රැස් කළා.
සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා. සිකන්දර් රාසා නොදැවී ලකුණු 59 යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3 ක් දවා ගත්තා.
අසිත ප්‍රනාන්දු කඩුලු 2 යි.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ නුවනිදු ප්‍රනාන්දු. පළමු කඩුල්ල ලෙස නුවනිදු ලකුණු 14 කට දැවී ගියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිනිස්සංක තම එක් දින ක්‍රිකට් දිවියේ හත්වෙනි ශතකය සමග ලකුණු 122 ක් රැස්කලා.
චරිත් අසලංකා අද වාර්තාකළේ තම එක් දින ක්‍රිකට්දිවියේ 17වැනි ශතකය.
ඔහු ලකුණු 71ක් රැස් කලා.
ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයගත්තේ පන්දුවාර 49.3කදී කඩුලු 5 ක් දැවී ලකුණු 278 ක් රැස් කරමින්.
තරගයේ වීරය සහ තරගාවලිය වීරයා පැතුම් නිස්සංක.