ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ දඟ පන්දු යවන ක්‍රීඩක ඩී එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 83 වැනි වියෙහි පසු වුණා.
ලන්ඩන් නුවරදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි, වාර්තා වන්නේ. මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
2009 වසරේ සිට 2012 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ද ඩී එස් ද සිල්වා මහතායි.