අප්‍රේල් මාසය හා මැයි මාසය අතරතුර දී ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට නියමිත බව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
තරගාවලියේ පලමු තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.
සෑම කණ්ඩායමකටම තරග 4 බැගින් තිබෙන අතර, දල ලකුණු සටහනේ ඉහලින්ම සිටින කණ්ඩායම් දෙක අතර මැයි මස
11වෙනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වේ.