ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
රන්ගිරි දඹුලූ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ දෙවන තරගය ලබන 9 වනදා සහ තුන්වැනි තරඟය ලබන එකොළොස් වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
තරගාවලියට සහභාගි වීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් ක්‍රීඩකයින් 18 දෙනකුගෙන්් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙනවා.
වසර කිහිපයකට පසුව ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා සහ නවක ක්‍රීඩක ට්‍රේවන් මැතිව්ද කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.