ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමසත්කාරකත්වය දරන 20226 T20 ලෝක කුසලානය සඳහා ප්‍රවේශ පත්‍ර ICC ය විසින් නිකුත් කොට ඇත.
ICC ය විසින් මෙවර ලෝක කුසලානය සඳහා මිලියන දෙකකට අධික ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් නිකුත් කොට ඇති අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1000 සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකිය.
එසේම පෙබරවාරි 15 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විමට නියමිත ඉන්දියා පාකිස්තාන තරගයේ ටිකට් පත් අලෙවි වන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1500 සිටයි.
මෙවර ලෝක කුසලානය පෙබරවාරී 7වනදා සිට මාර්තු 8වනදා දක්වා ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ක්‍රීඩාංගන 8කදී පැවැත්වීමට නියමිතයි.