බ්‍රහස්පතින්දා, ඔක්. 1, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 2 යි
    2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 30, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය, පාලනය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත 2026 සැප්තැම්බර් 25 දිනැති අංක 2508 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයට ඇතුළත් කර ඇති අතර, එය සැප්තැම්බර් 28 දින නිකුත් කර තිබේ.

යෝජිත නව නීතිමය රාමුව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.
ඒ අනුව,

  • ස්වාධීන අධ්‍යක්ෂවරුන් 07 දෙනෙකු සහ
  • නිලවරණයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන් 07 දෙනෙකු
    ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ.
    යෝජිත පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වෘත්තීය දැනුම සහ විශේෂඥතාව සහිත පුද්ගලයන් එක් කර ගැනීම සඳහා ද අවස්ථාව සලසා තිබේ. ගිණුම්කරණ හා මූල්‍ය, නීති, අලෙවිකරණ, තොරතුරු තාක්ෂණය සහ ක්‍රිකට් පරිපාලනය ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය දැනුම සහ අත්දැකීම් සහිත පුද්ගලයන්ට ස්වාධීන අධ්‍යක්ෂ තනතුරු සඳහා අවස්ථාව හිමිවන පරිදි නව පරිපාලන ව්‍යුහය යෝජනා කර ඇත.
    එමෙන්ම යෝජිත අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතරින් අවම වශයෙන් කාන්තා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සිටිය යුතු බවට ද පනත් කෙටුම්පතේ විධිවිධාන ඇතුළත් කර තිබේ.

යෝජිත නව පරිපාලන ව්‍යුහය යටතේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සාමාන්‍ය ධුර කාලය වසර 04ක් ලෙස යෝජනා කර ඇත.

එමෙන්ම නිලවරණයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන්ට සේවය කළ හැකි උපරිම සමස්ත ධුර කාලය වසර 08කට සීමා කිරීමට ද යෝජනා කර තිබේ.

යෝජිත පනත් කෙටුම්පත අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතරින් ද, නියෝජ්‍ය සභාපතිවරයා නිලවරණයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන් අතරින් ද තෝරා ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ යහපාලනය, විනිවිදභාවය, වගවීම, අඛණ්ඩතාව සහ සමාන අවස්ථා තහවුරු කිරීම නව පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර වේ.

යෝජිත නීතිමය රාමුව යටතේ මූල්‍ය අක්‍රමිකතා, දූෂණය හෝ පරිපාලන අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වසනීය චෝදනා ඉදිරිපත් වූ අවස්ථාවලදී විගණන සහ විමර්ශන ආරම්භ කිරීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාට බලතල ලබාදීමට යෝජනා කර තිබේ. අවශ්‍ය අවස්ථාවලදී අධ්‍යක්ෂවරුන් හෝ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් පනතේ සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට ද ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.
තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණනය කළ ගිණුම් සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මහජනතාවට ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද ප්‍රතිපාදන යෝජනා කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2026 ජුනි 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් පනත් කෙටුම්පත සකස් කර ඇත. ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ගැසට් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, පාර්ලිමේන්තු ක්‍රියාවලියට අනුව සම්මත කර ගැනීමට නියමිතය.

යෝජිත මෙම නව නීතිමය රාමුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වඩාත් වෘත්තීය, විනිවිදභාවයෙන් යුතු සහ වගකීම් සහිත පරිපාලන ව්‍යුහයක් යටතට ගෙන ඒම අපේක්ෂිතය.

පෙර ලිපිය ශක්තිය, වේගය, සමබරතාව සහ තාක්ෂණය එක්වන මලල ක්‍රීඩා ඉසව්ව
Next Article ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
Sponsored

You Might Also Like

රග්බි

ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී තවත් රන් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 23ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs Australia
ක්‍රිකට්

දෙවන දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?