අළු බඳුන කුසලානයේ තුන්වන ටෙස්ට් තරගය අද ඇඩිලේඩ් හීදී ආරම්භ වුණා. පළමු දිනය අවසානයේදී පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාව කඩුලු 8ට ලකුණු 326යි.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පළමු දිනය අවසානයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 326ක් ලබා ගත් අතර කඩුලු 8ක් දැවී ගියා.
ඇලෙක්ස් කැරී ලකුණු 106ක් හා උස්මාන් කවාජා ලකුණු 82ක් ලබාගත්තා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මිචෙල් ස්ටාර්ක් ලකුණු 33යි.
පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් කඩුලු 3ක් ලබාගත් අතර බ්‍රයිඩන් කාස් හා විල් ජැක්ස් කඩුලු 2 බැගින් දවාගත්තා.