බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර ඊයේ ආරම්භ වූ 20/20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගය පැවතුණේ දකුණු අප්‍රිකාවේ පාර්ල් හීදීයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 173ක් ලබාගත්තා. ශිම්‍රන් හෙට්මයර් ලකුණු 48ක් හා රොව්මන් පවෙල් නොදැවී ලකුණු 29ක් ලබාගත්තා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජෝර්ජ් ලින්ඩා කඩුලු 3ක් ලබාගත් අතර කොබින් බොස්ච් හා කේශව් මහරාජ් කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 17.5දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 176ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.
ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 86ක් ලබාගත් අතර රයන් ර්කල්ටන් නොදැවී ලකුණු 40ක් හා ලුහා ඩි ප්‍රෙටෝරියස් ලකුණ් 44ක් ලබාගත්තා.
දකුණු අප්‍රිකාවේ දැවී ගිය කඩුල්ල ලබාගත්තේ රොස්ටන් චේස් විසින්.
තරගයේ වීරයා ලෙස ජෝර්ජ් ලින්ඩා නම් කෙරුණා.
මෙම පළමු තරගයේ ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.