සංචාරක පකිස්තාන කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 16 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුනේ සෙන්චූරියන් හිදි.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක්දැවී ලකුණු 361 ක් රැස්කළා. අනේරි ඩෙක්සන් ලකුණු 90 ක් ලබාගත්තා. ටස්මින් බ්‍රිට්ස් ලකුණු 77 ක් රැස්කළ අතර සූන් ලූස් ලකුණු 57 යි. පිළිතුරු ලෙස පකිස්තාන ක්‍රීඩිකාවන් පන්දුවාර 49 යි පන්දු 5 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 345 ක් රැස්කළා. අයේෂා සෆාර් ලකුණු 75 යි.