ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා.
ඔහු, වසර 2 ක කාලයක් එම ධුරයේ කටයුතු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිල වශයෙන් නිවේදනය කළා. 20-20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය ඉන් ඉවත් වීමත් සමග ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා.
ලබන අප්‍රේල් මස 15 වැනිදා සිට මෙම පත්වීම බලාත්මක වන අතර, 2028 වසරේ අප්‍රේල් මස 14 වැනිදා එය අවසන් වනු ඇති. මීට පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා ගැරී කර්ස්ටන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම 2011 වසරේදී ලෝක කුසලාන එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීම ද විශේෂත්වයක්.
මේ අතර, 2011 වසරේ සිට 2013 වසර දක්වා ගැරී කර්ස්ටන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. ඔහුගේ ධුර කාලය තුළ 2013 වසරේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම, එක්දින, 20-20 සහ ටෙස්ට් යන ආකෘති 3 හිම ලොව අංක එකේ කණ්ඩායම වීම ද විශේෂත්වයක්.