2027 AFC කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වු අවසන් තරගයෙන් චීන තායිපේ කණ්ඩායම පරාජය කර ජය හිමි කර ගත්තා.
තරගය අද පැවැත්වුණේ, චීන තායිපේ හිදී. තරගයේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 2 ක් ලබාගත්තා.
චීන තායිපේ කණ්ඩායමට එහිදී ගෝල ලබාගැනීමට හැකිවූයේ නැහැ. දෙවැනි අර්ධයේදී දෙපිළම ගෝලය බැගින් ලබා ගත්තා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ, ගෝල 3 ට 1 ක් ලෙසයි. කණ්ඩායම වෙනුවෙන් රාහුල් සුරේෂ්, නිරෝෂන් සෙන්තුල්වාසන්, සහ ක්‍රිස් ටියාඕ ගෝල වාර්තා කළා