මෙවර ඉන්දීය ප්‍රිමයර් ලීග් තරගාවලියේ පළමු වටයේ සියලුම තරග ඊයේ දිනෙන් නිමාවට පත් වුණා. ඒ කොල්කටා නයිට් රයිඩර් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන්. තරගය ලකුණු 40කින් ජයගැනීමට සමත් වුණේ දිල්ලි කැපිටලස් කණ්ඩායමයි.
දිල්ලි කැපිටල්ස් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගැනීමට සමත් වුණා. ඊට පිලිතුරු වශයෙන් නයිට් රයිඩර්ස් හට ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 163ක් පමණයි.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් කේ.එල් රාහුල් පන්දු 30ට ලකුණු 60ක් ලබාගනිද්දී, කොල්කටා කන්ඩායම වෙනුවෙන් අජින්ක්‍යා රහානේ පන්දු 39ට ලකුණු 63ක් රැස්කළා.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ලුන්ගි එන්ගිඩි ලකුණු 27ට කඩුලු 3ක්, කුල්දීප් යාදව් ලකුණු 29ට කඩුලු 3ක් හා මිචෙල් ස්ටාර්ක් ලකුණු 26ට කඩුලු 2ක් බැගින් දවාගත්තා.
තරගය ලකුණු 40කින් දිල්ලි කැපිටල්ස් ජයගත්තද මේ කණ්ඩායම් දෙකම තරගාවලියේ මීළඟ ප්ලේ ඕෆ් වටය සඳහා සුදුසුකම් ලබා නැහැ.
ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයේ ආර්සීබී කණ්ඩායමද, දෙවන ස්ථානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා තුන්වන ස්ථානයේ සන් රයිසස් හයිද්‍රාබාද් කන්ඩායමද සිව්වන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමද රැඳී සිටී.
ඒ අනුව ප්ලේ ඕෆ් වටයේ පලමු තරගය ආර්සීබී හා ජීටී අතර හෙට ධරම්ශාලා හීදී පැවැත්වීමට නියමිත අතර ඒ තරගය ජයගන්නා කණ්ඩායම ඍජුවනම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර පරාජය වන කණ්ඩායමට අවසන් තරගය සඳහා පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවේ.
තුන්වන හා හතරවන ස්ථානයේ රැඳී සිටින එස්ආර්එච් හා ආර්ආර් අතර තරගය 27වන බදාදා නිව් චන්දිගර් හීදී පැවැත්වීමට නියමිත අතර එම තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර ජයගන්නා කණ්ඩායමට පලමු සුදුසුකම් ලැබීම්නේ තරගයෙන් පරාජය වූ කණ්ඩායම සමග එළඹෙන සිකුරාදා නිව් චන්දිගර් හීදී තරග වැදීමට සිදු වේ. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 31 වන ඉරිදා අහ්මදාබාද් හී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.