පොදු රාජ්‍ය මණ්ඩලීය මළල ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද්ධ හමුදා පැරා ක්‍රීඩකයාට සහ පුහුණුකරුට යුද්ධ හමුදාධිපතිගෙන් ඇගයීම්
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය මළල ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලළත් නිලධාරී 2 පාලිත බණ්ඩාර සහ ඔහුගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන බොම්බඩියර් ප්‍රභාත් ධනුෂ්ක පෙරේරා 2026 අගෝස්තු 20 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න හමුවිය.
මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති විසින් බලළත් නිලධාරී 2 පාලිත බණ්ඩාරගේ විශිෂ්ට ක්‍රීඩා දස්කම් සහ එම දක්ෂතාව දැක්වීමට මග පෙන් වූ පුහුණුකරු අගය කරමින් විශේෂ සමරු තිළිණ සහ මූල්‍ය ප්‍රදාන පිරිනමන ලදී.