අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට බදුරලිය කණ්ඩායම සමත්වුණා. ඒ අවසන් තරගයේදී පානදුර කණ්ඩායම පරාජය කරමින්. තරගය පැවැත්වුනේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් බදුරලිය කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 07 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තා.
සුමුදු නිසංසලා ලකුණූ 56 යි. රශ්මි නේත්‍රාංජලී ලකුණු 30 ක් රැස්කළා.
පන්දු යැවීමේදී පියුමි වත්සලා කඩුලු 04 ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්රිඩාකල පානදුර කණ්ඩායමට පන්දුවාර 35 යි පන්දු 04 කදී සියලු දෙනාම දැවී රැස්කිරීමට හැකිවුනේ ලකුණු 105 ක් පමණයි.
රශ්මි සෙව්වන්දි ලකුණු 48 යි. පන්දු යැවීමේදී ෂෙහාරා ඉදුවරී කඩුලු 06 ක් දවාගත්තා.
තරගයෙන් බදුරලිය කණ්ඩායම ජයගත්තේ ලකුණු 97 කින්.
තරගාවලිය සංවිධාන කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.