ටෙස්ට්, එක් දින සහ පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියක් සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පාකිස්ථානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම තරගාවලියට ටෙස්ට් තරග 2ක් සහ පන්දුවාර 20යි 20 තරග 3ක් ඇතුළත් වන බවයි.
එක් දින තරගාවලිය ශ්රී ලංකා, එංගලන්ත සහ පාකිස්ථාන කණඩායම් අතර, තුන් කොන් තරගාවලියක් ලෙසයි පැවැත්වෙන්නේ.
පන්දුවාර 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා රාවල්පින්ඩිහිදී ආරම්භ වන අතර, තුන් කොන් එක් දින තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වනවා.
ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.