ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අද පැවැති තරග 2 ම ජය ගනිමින්. ඔවුන් හෙට මූලික වටයේ තවත් තරගයක් සදහා සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණේ සිංගප්පූව සමග.
එහි පළමු වටය ලකුණු 12 ට 7 ක් ලෙස ඉදිරියෙන් සිටියේ සිංග්ප්පූරු කණ්ඩායමයි.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 26 ක් රැස් කලා. එම අර්ධයේදී සිංගප්පූරුව රැස් කළ ලකුණු සංඛ්‍යාව 5 ක්.
ඒ අනුව ලකුණු 33 ට 17 ක් ලෙස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.