ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කලා.
එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම වගකීම මීළඟ පරම්පරාවට නායකත්වය පැවරීමට අවශ්‍ය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ධනංජය ද සිල්වා ප්‍රකාශ කළ බවයි.
ඔහු තවදුරටත් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
