ශ්රී ලංකාවේ දක්ෂ යොවුන් මේස පන්දු ක්රීඩක ටාවි සමරවීර, ඉතාලියේ ලිග්නානෝ (Lignano) නගරයේදී 2026 ඔක්තෝබර් 21 සිට 24 දක්වා පැවති WTT Youth Contender ලෝක ශ්රේණිගත කිරීමේ තරගාවලියේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
වයස අවුරුදු 11න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී හොංකොං (චීනය) China Hong-Kong ක්රීඩකයෙකුට එරෙහිව 3–0ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ටාවි මෙම රන් පදක්කම දිනා ගත්තේය.
මෙය 2026 වසරේදී ටාවි ලෝක යෞවන ශ්රේණිගත කිරීමේ තරගාවලිවලදී දිනාගත් 5 වැනි රන් පදක්කම වීම විශේෂත්වයකි. මේ වන විට ටාවි වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්රේණිගත කිරීමේ ලෝක අංක 2 ස්ථානයේ පසුවෙයි.
වයස අවුරුදු 13න් පහළ බාලක ඒකල ඉසව්වේදී ද දක්ෂතා දැක්වූ ටාවි, ප්රංශ ක්රීඩකයෙකුට එරෙහිව 3–2ක තියුණු ජයක් ලබා ගනිමින් අවසන් 32 දෙනාගේ වටයට (Round of 32) සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ජාත්යන්තර වේදිකාවේ ශ්රී ලංකාව නියෝජනය කරමින් ටාවි ලබාගන්නා මෙම ජයග්රහණය ඔහුගේ කැපවීම, අධිෂ්ඨානය සහ මහන්සිය මැනවින් පිළිබිඹු කරන අතර ශ්රී ලංකාවට තවත් අභිමානවත් අවස්ථාවක් එක් කරයි.