පොදුරාජ්ය මණ්ඩලයීය කබඩි තරගාවලියේ කාන්තා අංශයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඒ ප්රතිවාදී බංගලාදේශ කණ්ඩායම සමග පැවැති තරගය ජයගනිමින්.
පොදු රාජ්ය මණ්ඩලයීය කබඩි තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙනවා.
මූලික වටය යටතේ බී කාණ්ඩයෙන් තරග වදින ශ්රී ලංකා ක්රීඩිකාවන් අද බංගලාදේශය සමග තරග වැදුණා.
එහි පළමු අර්ධය නිමාවන විට ශ්රී ලංකා කණ්ඩායම පෙරමුණ ගත්තේ ලකුණු 15 ට 9 ක් ලෙසයි.
දෙවැනි අර්ධයේදී ශ්රී ලංකා ක්රීඩිකාවන් තවත් ලකුණු 16 ක් රැස්කළා.
බංගලාදේශ කණ්ඩායම එහිදී ලබාගත් ලකුණු සංඛ්යාව 11 ක්.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 31 ට 20 ක් ලෙසයි.
එම ජයග්රහණයත් සමග ශ්රී ලංකා කණ්ඩායම මෙහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.