වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලිය අද ඉන්දියාවේ බුවනේෂ්වර්හිදී ආරම්භ වුණා.
දින 2 ක් පුරා තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට කාන්තා සහ පිරිමි කණ්ඩායම් 2 ක් සහභාගී වනවා.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද පළමු තරගයට සහභාගී වුණේ සිංගප්පූරුව සමගයි. ඉන් ලකුණු 34 – 7 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
අනතුරුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්තය සමග තරග වැදුණා. එම තරගය අවසන් වුණේ ලකුණු 12 – 12 ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.
අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් තරගයට සහභාගී වුණේ මැලේසියාව සමග. ඉන් ශ්‍රී ලංකාව ලකුණු 12 ට 7 ක් ලෙස පරාජයට පත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද පළමු තරගය ක්‍රීඩා කළේ සිංගප්පූරුව සමග. ඉන් ලකුණු 26 ට 0 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙවැනි තරගයේදී නේපාලය සමග තරග වැදුණා. එම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 41 ට 0 ක් ලෙසයි.
අද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් තරගය ක්‍රීඩා කලේ ඉන්දියාව සමග. නමුත් එහිදී ඔවුන් ලකුණු 34 ට 0 ක් ලෙස පරාජයට පත් වුණා.